Monday, December 23, 2024

General line - 0115112241

ගාල්ලට අද දහවල් ජලය දෙන්න පුළුවන් - දිසා ලේකම්




ගාල්ල, වක්වැල්ල ජලය බෙදා හැරීමේ පොම්පාගාරයේ ඇති වූ හදිසි ගින්නෙන් පසු නතර වී තිබූ ගාල්ල නාගර සීමාවේ ජලය බෙදා හැරීමේ කටයුතු අද (16) මධ්‍යහ්න 12.00 වන විට යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇති බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් එස්.ටී. කොඩිකාර බවසනවා.

මේ වනවිට ජල පොම්පාගාරයේ ජලය පිරිසිදු කිරීම් කටයුතු යථා තත්ත්වයට පත්කර ඇති අතර පානීය ජල අවශ්‍යතාවය සඳහා බවුසර් මඟින් ජලය ලබාදීමට කටයුතු කර ඇති බවයි ඔහු කියා සිටියේ.

ගාල්ල නාගරික කොමසාරිස්වරිය හෝ කඩවත් සතර ප්‍රාදේශීය ලේකම්වරයා වෙත ජල අවශ්‍යතාවය දැන්වීමේන් අත්‍යාවශ්‍ය පානීය ජල බවුසර් සපයාගැනීමට හැකියාව පවතින බවද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.