Monday, December 23, 2024

General line - 0115112241

අමෙරිකාව රුසියාවට එරෙහිව අවි අමෝරයි

විදෙස් වාර්තා




රුසියානු ජාතිකයින් කිහිපදෙනෙකුට සහ රුසියානු ආයතන කිහිපයකට එරෙහිව අමෙරිකාව යළිත් සම්බාධක පනවා තිබෙනවා. පුද්ගලයින් 13 දෙනෙකුට සහ සමාගම් 6කට මෙලෙස සම්බාධක පැනවෙන බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. මෙම සම්බාධක සමග අදාළ රුසියානුවන්ට අයත්ව අමෙරිකාවේ පවතින සියලූ දේපළ අත්හිටුවෙනු ඇතැයි වාර්තා වෙයි. 

අමෙරිකාවේ ඉකුත් ජනාධිපතිවරණය සඳහා සිදු කළ බව කියන මැදිහත්වීම් වලට මෙන්ම රුසියාවෙන් එල්ල වන සයිබර් ප‍්‍රහාරයන්ට ප‍්‍රතිචාර දක්වමිනුයි අමෙරිකාව මෙලෙස රුසියාවට එරෙහිව නව සම්බාධක පනවා තිබෙන්නේ.