පළාත් පාලන ආයතන සඳහා තේරී පත්වු සභිකයින්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කර තිබෙනවා.
පසුගිය පෙබරවාරි 10 වන දින පැවති මැතිවරණයෙන් තේරීපත්වූ සභිකයින් කොටසකගේ නම් මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්.
ඒ අනුව දිස්ත්‍රික්ක 11 කට අදාළව තේරී පත් වූ සභිකයින්ගේ නම් ඊයේ(15) රාත්‍රියේ ප්‍රකාශයට පත් කළ බවයි රජයේ මුද්‍රණාලායාධිපතිනි සඳහන් කළේ.
මේවනවිට ගැසට් කර ඇත්තේ මාතර, හම්බන්තොට, කලූතර, රත්නපුර, මාතලේ, මොනරාගල, අනුරාධපුර, පුත්තලම සහ කිලිනොච්චිය යන දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතන සඳහා තේරීපත්වූවන්ගේ නාම ලේඛණයි.
අනෙක් දිස්ත්‍රික්කවල තේරී පත් වූ සභිකයින්ගේ නම් අද (16) දිනය තුළ ප්‍රකාශයට පත් කිරීමටයි නියමිතව ඇත්තේ.
පසුගිය 9 වනදා මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම ගැසට් පත්‍රය ප්‍රසිද්ධ කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත යොමුකෙරුණා.
ඉකුත් 09වනදා දිනැතිව 2061/42 අංකය යටතේයි.