දේශපාලනයෙන් තොරව කටයුතු කිරිම තුළින් මෙරට අධ්‍යාපනය නඟා සිටුවීමට හැකියාව ලැබී ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. අනෙකුත් ක්ෂේත්රයන් මෙන් අධ්‍යාපන ක්ෂේත්රයේ කටයුතු කළ නොහැකි බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
රටේම අනාගතය රඳා පවතින්නේ අධ්‍යාපන ක්ෂේත්රයේ බැවින් තමා දශමයක හෝ දේශපාලනය අධ්‍යාපනයට යොදවා ගෙන නොමැති බවයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් කියා සිටියේ.
අමාත්‍යංශ ශ්‍රවනාගාරයේ පැවති පත්වී ප්‍රදානෝත්සවයට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙම අදහස් පල කළා.