Monday, December 23, 2024

General line - 0115112241

කොල්ලුපිටියේ සිට කොටුව දක්වා වාහන ධාවනයට බාධා (UPDATE)

වසන්ත පිවිතුරු /ළහිරු කපුගේ




රජයේ මිනින්දෝරුවන්ගේ උද්ඝෝෂණය හේතුවෙන් කොළඹ, කොල්ලුපිටියේ සිට කොටුව දක්වා වන මාර්ගයේ වාහන ධාවනයට බාධා එල්ලවී තිබෙනවා.

.................................................................

රජයේ මිනින්දෝරුවරුන් අද (16) කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වනවා. ඒ මිනින්දෝරු දෙපාර්තමේන්තුව අමෙරිකාවට පවරා දීමට ආණ්ඩුව උත්සහකරන බවට චෝදනා කරමින්. ඒ පිළිබඳ කරුණු දක්වන එම සංගමයේ සභාපති දුමින්ද උඳුගොඩ කියා සිටියේ මෙම උද්ඝෝෂණයට ජනාධිපතිවරයාගේ අවධානය යොමුවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.

එසේ නොවුනහොත් ඉදිරියේදී වඩාත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹෙන බවද රජයේ මිනින්දෝරු සංගමය මෙහිදී කියා සිටියා.

කෙසේ වෙතත් මෙම විරෝධතා ව්‍යාපාරය හේතුවෙන් කොළඹ ලෝටස් මාර්ගයේ ගමනාගමන කටයුතු තාවකාලිකව නවතා දැමීමට පොලිසිය කටයුතු කළා.

----------------------

කොළඹ ලෝටස් පාර තාවකාලිකව වසා දමා තිබෙනවා. එම ප්‍රදේශයේ පැවත්වෙන විරෝධතා පාගමනක් හේතුවෙන් මාර්ගය වසා ඇති බවයි පොලිසිය පැවසුවේ.

රජයේ මිනින්දෝරුවන් විසින් අදාළ විරෝධත පාගම සංවිධානය කර තිබෙනවා.