Monday, December 23, 2024

General line - 0115112241

ෆේස්බුක් සහ සමාජ මාධ්‍ය සිදුකරන අකටයුතුවලට දඬුවම් කළ හැකි ආකාරය මෙන්න

ඩිල්ෂාන් මඩවල




ෆේස්බුක් හෝ වෙනත් සමාජ මාධ්‍ය භාවිත කරමින් සිදු කෙරෙන අකටයුතුකම් සම්බන්ධයෙන් අපරාධ නීතිය යටතේ ද වරදකරුවන්ට දඬුවම් ලබා දිය හැකි බව නීතිවේදීන් පවසනවා.

ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු පැහැදිළි කරමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා කියා සිටියේ අදාළ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලයක් ඇති බවයි.

මෙවැනි අකටයුතුකම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ වෙනම අංශයක් පිහිටුවා ඇතැයිද මෙහිදී ඔහු කියා සිටියා.