ජනාධිපතිතුමාගේ ජපාන රාජ්‍ය සංචාරයට අදාළව ජනාධිපතිතුමා සමග ජපානයට ගිය ශ්‍රී ලංකා දුත පිරිස අතරට ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ ද එක්ව සිටි බව පවසමින් මේ දිනවල සමාජ මාධ්‍ය ජාල හා වෙඞ් අඩවිවල පළවන ප‍්‍රවෘත්ති, කිසිදු සත්‍යතාවයකින් තොර අසත්‍ය ප‍්‍රවෘත්ති බව ජනාධ්පති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.
ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ ජනාධිපතිතුමාගේ සංචාරයට පෙර පෞද්ගලික සංචාරයක් සදහා ජපානයට වැඩම කර තිබූ අතර, ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් සංවිධානය කළ ජනාධිපතිතුමා සහ එරට වෙසෙන ශ‍්‍රී ලාංකිකයන්ගේ සුහද හමුව සදහා ජපාන විහාරස්ථානවල නායක ස්වාමීන් වහන්සේලා සමගින් උන්වහන්සේ ද සහභාගී වී තිබෙන බව මෙම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වෙනවා.
එම අවස්ථාවේ දී ලබාගෙන ඇති ඡයාරූප කිහිපයක් භාවිතා කරමින්, ජනාධිපතිතුමාගේ දුත පිරිස අතරට ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ එක් වූ බව පවසමින් සමාජ මාධ්‍ය ජාල හා වෙබ් අඩවිවල පළවන ප‍්‍රවෘත්තිවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව ජනාධ්පති මාධ්‍ය අංශය අවධාරණය කර සිටිනවා.