රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අත් අඩංගුවට ගන්නයි අධිකරණය අද (16) වරෙන්තු නිකුත් කරා.කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කළේ මෙම වරෙන්තුව ජාත්‍යන්තර පොලීසිය වෙත යැවීම සදහා ඉංගී්රසි භාෂාවෙන් නිකුත් කරන ලෙසයි.
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිළදී ගැනීමේදී සිදුවූ බව කියන වංචාවකට අදාළව ඩුබායි ගුවන් තොටුපොලේදී ගුවන් තොටුපොල බලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර ඇති බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අද අධිකරණයට දැනුම්දුන්නා. එහිදී උදයංග වීරතුංගගේ විදෙස් ගමන් බලපත්‍රය, පදිංචි ස්ථානය හා දුරකතන අංකය ඇතුළු තොරතුරු ලබාගැනීමෙන් පසු ඔහු මුදා හැර ඇති බවයි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට දන්වා ඇත්තේ.