Monday, December 23, 2024

General line - 0115112241

ඉල්ලීම් නැතුව වැඩ බැහැ - විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයින් කියයි (UPDATE)

දිනුක් හේවාවිතාරණ / ඩිල්ෂාන් තුෂාර




සිය ඉල්ලීම්වලට විසදුම් ලබාදෙන තුරු දැනට කි‍්‍රයාත්මක වෘත්තීය කි‍්‍රයාමාර්ගය අඛණ්ඩව ඉදිරියට කි‍්‍රයාත්මක කිරීමට විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක සංගම් තීරණය කර තිබෙනවා. විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඞ්වඞ් මල්වත්තගේ පැවසුවේ සිය ගැටළු සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ අද පැවති සාකච්ඡුාවේදී අවසන් විසදුමක් නොලැබුණු බවයි.   

-------------------------------------

විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක ඉල්ලීම් ගැන කතා කරන්න වැඩට එන්න  - විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම

16-03-2018 16:52

විශ්ව විද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය දැනට ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජනය අවසන් කර නැවත සේවයට වාර්තා කරන ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා දන්වා සිටිනවා.

සේවයට වාර්තා කිරීමෙන් අනතුරුව සේවක ඉල්ලීම් ගැන සාකච්ඡාවට සූදානම් බව කොමිසමේ සභාපතිවරයා විශ්ව විද්‍යාලීය ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේට ලිඛිතව දන්වා තිබෙනවා.

මෙම වර්ජනය සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සහ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශයේ නිලධාරීන් ඇතුළු පරිපාලන කණ්ඩායම් අතර එම අමාත්‍යංශයේදී පසුගිය 14 වෙනිදා පැවති සාකච්ඡාවකින් පසුව මෙම තීරණයට එළැඹි බව මහාචාර්ය මොහාන් ද සිල්වා සදහන් කර සිටිනවා.