අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රකාශ කර තිබෙනවා. ඒ, විදේශ මාධ්‍ය ආයතනවල සේවය කරන මෙරට මාධ්‍යවේදින් පිරිසක් සමග පැවති හමුවකදීයි.
තමන් මේ මොහොතේ ආණ්ඩුව භාර ගැනීමට තමන් කි‍්‍රයා නොකරන බවත් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයෙන් පත්වන අග‍්‍රාමාත්‍යවරයෙකුට සහාය ලබාදෙන බවත් මහින්ද රාජපක්‍ෂ මහතා මෙහිදී ප‍්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම මහමැතිවරණයක් පවත්වන තුරු විපක්‍ෂයේ සිට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ අග‍්‍රාමාත්‍යවරයෙකු ප‍්‍රමුඛ ආණ්ඩුවකට සහායදීමට සූදානම් බවයි හිටපු ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර ඇත්තේ.
හැකි ඉක්මණින් මහමැතිවරණයක් ලබාගැනීම ප‍්‍රධානතම කරුණ වන බවද මහින්ද රාජපක්‍ෂ මහතා අවධාරණය කර තිබෙනවා. කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී මෙම හමුව සිදුවුණා.