පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතෙහි වගන්ති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව පවසමින් ගොණුකර තිබූ පෙත්සම් 7 ක් ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද විභාගයට ගැණුනා. ඒ, අගවිනිසුරු පි‍්‍රයසාද් ඩෙප් ප‍්‍රමුඛ ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේයි.
අදාළ පෙත්සම් ගොණුකර තිබුණේ මහාචාර්ය ජී එල් පීරිස් ඇතුළු පිරිසක් විසින්. පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ගේ කරුණු දැක්වීම්වලින් අනතුරුව වැඩිදුර කරුණු විමසීම මාර්තු මස 19 දාට කල්තැබීමටයි විනිසුරු මඩුල්ල නියෝග කළේ. මෙම පනත් කෙටුම්පත මගින් ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ලකින් යුත් මහාධිකරණ පිහිටුවීමට ගෙන ඇති තීරණය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදනවලට පටහැනි බව පෙත්සම් පාර්ශවයන් පෙන්වා දුන්නා.
මෙම පෙත්සම්වලට එරෙහිව මැදිහත් පාර්ශවයක් ලෙස කරුණු දැක්වීමට අවසර දෙන ලෙසට ඉල්ලා පෙත්සම් 11 ක් ගොණුකර ඇති අතර ඔවුන් වෙනුවෙන් කරුණු දැක්වීම ඉදිරි දිනවලදී සිදුකිරීමට නියමිතයි. අමාත්‍ය පාඨලී චම්පික රණවක, රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා ඇතුළු පිරිසක් මෙම පෙත්සම් ගොණුකර තිබුණා.