Thursday, May 16, 2024

General line - 0115112241

අති නවීන කායවර්ධන පුහුණු මධ්‍යස්ථානයක් විවෘතවෙයි




ජාතික තරුණ සේවා සභාවට අනුබද්ධ හෙයියන්තුඩුව ක‍්‍රීඩා හා සංවර්ධන පුහුණු මධ්‍යස්ථානය තුළ අභිනවයෙන් ඉදිකළ අති නවීන කායවර්ධන පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවය ඊයේ (15) දිනයේදී සිදු කෙරුණා. ඒ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන ගේ සහ ජාතික තරුණ සේවා සභාවේ සභාපති, අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ ගේ ප්‍රධානත්වයෙන්.

මෙම අවස්ථාව සඳහා ජාතික තරුණ සේවා සභාවේ ‍ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, හෙයියන්තුඩුව ක‍්‍රීඩා හා සංවර්ධන පුහුණු මධ්‍යස්ථානය භාර නිලධාරීන් සහ එහි පාඨමාලාවන් හදාරන සිසු සිසුවියන්, ප්‍රදේශයේ පාසැල් කිහිපයක දරු දැරියන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.