ඉන්දීය සුපිරි නළු ඉර්ෆාන් ඛාන් විසින් තමන්ට "අන්තරාසර්ග ග්රන්ථ පිලිකාවක්" (neuro-endocrine tumour) වැළදි ඇතැයි සිය ටුව්ටර් ගිණුම හරහා දැනුම් දි තිබෙනවා.
මීට දින 10 කට පමන පෙර ටුවිටර් පණිවිඩයක් මගින් ඔහු සිය රසිකයින්ට පවසා තිබුනේ තමන්ට දුර්ලභ ඝණයේ රෝගයක් වැළදි තිබෙන බවත්, තම රෝග තත්වය පිළිබදව වෛද්‍යවරුන් නිගමනය කිරිමෙන් අනතුරුව ඒ පිළිබදව රසිකයින්ට දැනුවත් කරන බවයි. එතෙක් කලබල නොවන ලෙස ඔහු ඉල්ලා සිටියා.
නමුත් ඉර්ෆාන් ඛාන් හට මොළේ පිළිකාවක් වැළදි ඇතැයි විවිධ මාධ්‍ය වාර්තා පල කර තිබුනා. වෛද්‍යවරුන් පවසන්නේ "අන්තරාසර්ග ග්රන්ථ පිලිකාව" ඉතා දුර්ලභ ඝණයේ පිළිකා තත්වයක් ලෙසයි.
කෙසේ නමුත් ඉර්ෆාන් ඛාන් සිය රෝගය පිළිබදවත් ඉදිරියේදි ප්‍රතිකාර සදහා විදෙස් ගතවන බව අද දිනයේදි නිවේදනයක් නිකුත් කරමින් සදහන් කලා.
ලෝකයේ වඩාත් කතාබහට ලක්වු ඉන්දීයානු නළුවන් ගෙන් කෙනෙක් ලෙසට ඉර්ෆාන් ඛාන් ඉදිරියෙන් සිටිනවා.
ඔහු විසින් රගපෑ ස්ලම්ඩෝග් මිලියනර්, ලයිෆ් ඔෆ් පයී හා ද ස්ප්යිඩර් මෑන් යන ජාත්‍යන්තර ච්ත්‍රපට ලොව පුරා දැඩි කතා බහකට ලක්වුණා.
ලන්ච් බොක්ස්, පීකු, මැක්බුල්, හාසිල් හා පාන් සිං තෝමාර් ඇතුළු ජනප්‍රිය හින්දි ච්ත්‍රපට 100 කට අධික සංඛ්‍යාවකට රංගන දායකත්වය දැක්වු ඉර්ෆාන් ඛාන් සමිමාන රැසකින්ද පිදුමි ලැබුවා.