පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට සියළු පාර්ශව සහාය දැක්විය යුතු බව ජාතික විද්වත් සංඝ සභාව පවසනවා. එහි විධායක සභික පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන් කියාසිටියේ මෙරට දූෂණය සහ වංචාවට තිත තැබීමට මෙම පනත් කෙටුම්පත සම්මත කර ගැනීම ඉවහල් වනු ඇති බවයි.
අද පැවති මාධ්‍ය හමුවකදි වැඩිදුරටත් කරුණු දැක්වූ පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන් කියාසිටියේ අදාළ පනත් කෙටුම්පතේ දෝෂ පවතින්නේ නම් ශ්‍රේෂ්ඨාධිකරණය හරහා ඒවා නිවැරදි කර ගැනීමේ හැකියාව පවතින බවයි.