උප්පැන්න විවාහ සහ මරණ ලියාපදිංචියේදී සිදුවන දෝශ හේතුවෙන් මහ ජනතාව දැඩි අසීරුතාවයකට ලක්වනවා. දෝශ සහිතව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව නිකුත් කරනු ලබන මෙම සහතික ඉදිරිපත් කිරීමට සිදුවන සෑම රාජකාරිමය කටයුත්තකදීම එම සහතික සනාත කිරීම සඳහා දිගින් දිගටම දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත්කරන්නට සිදුවීම ඉතා කරදරකාරී අත්දැකීමකි.
මේ ආකාරයට මෙම සහතික දෝශ සහිතව නිකුත් කළ පසු එම දෝශයන් නිවැරදිකර ගැනීමටද පහසු නැත. උගත් නූගත් හැකි නොහැකි සියල්ලන්ටම එකම ලෙස වැදගත්වන උප්පැන්න, විවාහ හා මරණ සහතික ඉතාමත් නිවැරදිව ලියාපදිංචි වගකීම් සහගතව කරදීම ඇතැම් උප්පැන්න විවාහ මරණ රෙජිස්ට්‍රාර්වරු පැහැර හරිමින් සිටී. ජීවිතයේ කෙනෙකුට ලැබෙන පළමු සහතිකය වන උප්පැන්න සහතිකයේ නම සටහන් කිරීමේදී, නිසි උපදෙස් හා මගපෙන්වීමක් නොමැතිව ආකෘති පත්‍රය පිරවීම නිසාත්, එම වැරදි නිවැරදි නොකරම උප්පැන්න සහතිකය ලිවීමත් බහුලවම කෙරෙනා වරදකි.
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසන පරිදි ඕනෑම අයෙකුට උපතේදී නමක් ලබාදුන් පසු පෙළපත් නාමය (පියාගේ නමට ඉදිරියෙන් ඇති නාමය) හෝ වාසගම (නමට පිටුපසින් යෙදෙනා පවුලේ නාමය) හෝ ඒ දෙකම අලුත උපන් දරුවාට, පියාගේ සම්පූර්ණ නමින් උරුම වන්නකි. එසේ තිබියදී උප්පැන්න සහතිකයේ නම සඳහන් වන 2වැනි තීරුවේ අලුත උපන් දරුවාට ලබා දෙන නමට අමතරව පියාගේ පෙලපත් නාමය සහ/ හෝ වාසගම් සහිතව නම ලියා උප්පැන්න ලියාපදිංචි කිරීම බහුලව දක්නට ඇති වරදකි.
රටේ පවතින උප්පැන්න ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියට අනුව පියාගේ සම්පූර්ණ නමින් පෙළපත් නාමය හෝ වාසගම හෝ ඒ දෙකම නිරායාසයෙන්ම දරුවාගේ නමට එකතු වනවානම්, පියාගේ පෙළපත් නාමය, වාසගම එකතු කර අලුත උපන් දරුවාට තැබූ නමට පියාගේ නමින් නිරායාසයෙන් එකතුවීම වන පෙළපත් නාමය හෝ වාසගම ඒ නමට යළි එකතු වීමෙන්, අලුත උපන් දරුවාගේ සම්පූර්ණ නම ලිවීමේදී පෙළපත් නාමය හෝ වාසගම දෙවරක් ලිවිය යුතුය.
(මේ එම වරද ඇති උප්පපැන්න සහතිකයකි. පියාගේ වාසගම දරුවාගේ නමටද එක්කර ඇත. පවතින ක්‍රමවේදය අනුව මේ උප්පැන්න හිමි දරුවාගේ සම්පූර්ණ නම **** **** රණසිංහ රණසිංහ යනුවෙන් ලිවිය යුතුය.)
නමුත් නියමාකාර උපදෙස් දී උප්පැන්න ලියාපදිංචිය සඳහා උපත දැනුම් දෙන්නා ලවා නිවැරදිව ආකෘති පත්‍රය පුරවාගෙන දෝශ රහිත උප්පැන්න සහතිකයක් නිකුත් කිරීම ඒ සඳහා බලාධිකාරිය හිමි සියල්ලන්ගේම වගකීමකි.
---------------------------------------
2001 වසරේ ලියාපදිංචිකර තිබූ එක් උප්පැන්න සහතිකයක දෝශ 7ක් විය. එතරම් දෝෂ තිබියදීත් එවැනි උප්පැන්න සහතික කිසිදු බාධාවකින් තොරව ලියාපදිංචි කිරීම සිදුවේ.
මරණ සහතිකයක් නිකුත් කරද්දී මරණකරුගේ උප්පැන්න සහතිකයේ සඳහන් සම්පූර්ණ නම වෙනුවට නමින් අඩක් හෝ නමේ වරද්දා මරණ සහතික නිකුත් කිරීමද උප්පැන්න විවාහ මරණ රෙජිස්ට්‍රාර්වරුන් අතින් සිදුවන්නකි. එසේවූවිට ජීවිතුන් අතර සිටින ඥාතීන් මියයන තෙක්ම උප්පැන්න විවාහ මරණ රෙජිස්ට්‍රාර්වරයා කළ වරදට වන්දි ගෙවිය යුතුය. තම ඥාතියාගේ මරණ සහතිකය ඉදිරිපත් කරණ සෑම අවස්ථාවකම දිවුරුම් ප්‍රකාශ මගින් මියගිය පුද්ගලයාගේ නිවාරදි නමත් මරණ සහතිකයේ ඇති දෝශ සහිත බවත් පෙන්වා, ඒ නම් දෙකින්ම හැඳින්වූයේ එකම පුද්ගලයකු බවට දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත්කළ යුතුය. ඒ මියගිය පුද්ගලයා හෝ ඥාතීන් කළ වරදක් නිසා නොව දෝශ සහිතව සහතිකය නිකුත් කළ උප්පැන්න විවාහ මරණ රෙජිස්ට්‍රාර්වරයා නිසාය.
දෝශ රහිත උප්පැන්න, විවාහ හෝ මරණ සහතිකයක් ලබා ගැනීම මහජනතාවගේ අයිතිවාසිකමකි. මේ ලියාපදිංචීන් සඳහා ගාස්තුවක්ද අය කෙරේ.
දෝශ සහිත සහතික නිකුත් කිරීමේ වරදට වගකිව යුත්තේ රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමෛ්න්තුවය. මෙවැනි දෝශ දිගින් දිගටම සිදුවීම වළකාලීමට කළ හැක්කේ කුමක්ද යන්න විමසීමට රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා, දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද, එම පාර්ශවය විසින් එය ප්‍රතික්ෂේප කරනු ලැබීය.
නිවැරදිව ලේඛනය නිකුත් නොකරීම නිසා සිදුවන මෙම අපහසුතාවය සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී අලවතුවලගෙන් අප විමසා සිටියා. මෙවැනි සහතිකවල දෝශ හේතුවෙන් ඒවායේ හිමිකරුවන් පත්වන පහසුතාවය තමාද දන්නා බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවා. මේ සම්බන්ධයෙන් අදාල නිලධාරීන් සමග සාකච්ඡා කොට රෙජිස්ට්රාර්වරුන්හට පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර මේ තත්ත්වයට විසඳුමක් ලබාදෙන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා අප වෙත පැවසුවේ.