ජාතිවාදය ඇවිස්‌සීමේ අරමුණින් අසත්‍ය සිදුවීම් නිර්මාණය කර පොලිස් නිලධාරීන් නොමග යවා රෝහල්ගත වූ තෙලියාගොන්න ප්‍රදේශයේ පදිංචිකරුවකුට එරෙහිව අධිකරණයේ නඩු පවරන බව කුරුණෑගල මූලස්‌ථාන පොලිසියේ ස්‌ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්‌ෂක මංගල වික්‍රමනායක පවසනවා.
තමන් ධාවනය කරමින් සිටි යතුරුපැදිය මාර්තු 02 දින තෙලියාගොන්න ප්‍රදේශයේදී මුස්‌ලිම් ජාතිකයකු විසින් පහරදීමක් සිදු කර තමන් සතු රුපියල් 35000 ක ජංගම දුරකථනය විනාශ කර දැමීම සහ තමන්ට තුවාල සිදු කළ බව පවසමින් මොහු කුරුණෑගල මූලස්‌ථාන පොලිසියට පැමිණිලි කර ඇත. මොහු කුරුණෑගල ශික්‌ෂණ රෝහලේ රෝහල්ගත වී පසුව රෝහලින් පැන ගොස් තිබෙනවා. ඔහුගේ යතුරුපැදිය ඔහු විසින්ම අනතුරකට පත් කර ජාතිවාදී අරගලයක් ඇති කිරීමට අසත්‍ය සිදු වීමක් නිර්මාණය කිරීමට සැලසුම් කළ අයෙකු බව පොලිස් නිලධාරීන් සිදු කළ පරීක්‌ෂණවලින් අනාවරණය තිබේ.
රාජ්‍ය නිලධාරීන්ට අසත්‍ය තොරතුරු සපයා ඔවුන් නොමඟ යෑවීමට එරෙහිව, දණ්‌ඩ නීති සංග්‍රහයේ ටී 672/18 යටතේ ඉදිරියේදී, අදාල තැනැත්තාට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන බව කුරුණෑගල මූලස්‌ථාන පොලිසියේ ස්‌ථානාධිපතිවරයා පවසනවා