ශී‍්‍ර ලංකා යුද හමුදාවේ භට පිරිස්වලට එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා සදහා එක්වීමට ඇති අවස්ථාවන් මේ වනවිට අවහිර වී තිබෙනවා. ඒ, එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා කාර්යාලය ගෙන ඇති තීරණයක් හේතුවෙන්. සාමසාධක හමුදා සදහා එක්වන සියළු හමුදා සාමාජිකයන් අමෙරිකාවේ නිව්යෝර්ක්හි පිහිටි එක්සත් ජාතින්ගේ සාමසාධක හමුදා කාර්යාලයෙන් මානව හිමිකම් චෝදනා නොමැති බවට නිෂ්කාශන වාර්තාවක් ලබාගත යුතු වනවා.
එම ආයතනය මෑතකදී තීරණය කර ඇත්තේ අදාළ නිෂ්කාශන වාර්තාව ලබාදීමට පෙර මෙරට මානව හිමිකම් කොමිසමෙන් අදාළ හමුදා සාමාජිකයන් වාර්තාවක් ලබාගත යුතු බවටයි. එහෙත් ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට අවශ්‍ය තොරතුරු නොමැති බැවින් එවැනි වාර්තා කඩිනමින් නිකුත් කිරීමේ හැකියාවක් නොමැති බවයි අනාවරණ වුණේ. මේ හේතුවෙන් මෙරට හමුදා සාමාජිකයන් එක්සත් ජාතින්ගේ සාමසාධක හමුදා රාජකාරීවලට එක් කිරීම මේ වනවිට නතර වී ඇති බව වැඩිදුරටත් අනාවරණ වුණා.
ලෙබනනයේ රාජකාරී සදහා පිටත්ව යාමට නියමිතව සිටි හමුදා සාමාජිකයන් 150 දෙනෙකුට මෙම ගැටළුවට මුහුණදීමට සිදුව තිබෙනවා. ඉදිරියේදී සුඩානයට සහ කොංගෝ රාජ්‍යයේ සාමසාධක හමුදා සදහාද මෙරට හමුදා සාමාජිකයන් පිරිසක් එක්වීමට නියමිතව සිටියා. පවතින තත්ත්වය හේතුවෙන් ඉන්දියාව සහ බංග්ලාදේශයට එම අවස්ථා හිමිවීමේ තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි වැඩිදුරටත් නෙත් නිවුස් වෙත අනාවරණ වුණේ.