මාර්තු මාසය අවසන්වීමට පෙර එක්සත් ජාතික පක්‍ෂයේ නව නිලධාරී මණ්ඩලය පත් කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍ය සාගල රත්නායක පවසනවා. පක්‍ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පත්කර ඇති කමිටු කිහිපයක නිර්දේශ සැලකිල්ලට ගනිමින් එය කි‍්‍රයාත්මක වනු ඇති බවයි අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියාසිටියේ.
පක්‍ෂයේ මෙන්ම ආණ්ඩුවේද වෙනස්කම් ඇති කරමින් ජනතාවට සේවය කිරීම මෙහි අරමුණ වන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.