අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙනඒමට නියමිත විශ්වාසභංග යෝජනාව රට අස්ථාවර කිරීමේ අරමුණින් සිදුකරන කටයුත්තක් බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින් බණ්ඩාර පැවසුවේ පසුගිය කාලයේ ගෙනආ විශ්වාසභංග මෙන්ම මෙයද පල රහිත කි්රයාවක් බවට පත්වනු ඇති බවයි.
"එක්සත් ජාතික පක්යෙන් ඈත් වෙච්ච දෙන්නෙක් විතර ඉන්නව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන අනාතයින් කිහිප දෙනෙක් ඉන්නව. ඒ අව මේ කටයුත්තට සහය දෙයි. නමුත් පෙර ගෙනා විශ්වාශභංග යෝජනා වගේම මේකත් බහුතර කැමැත්තෙන් පරාජය කරන්න පුළුවන්"
මෙම විශ්වාසභංග යෝජනාවට ඒකාබද්ධ විපක්ෂයේ මන්තී‍්‍රවරුන් අත්සන් තැබීම ඊයේ සිදු කෙරුණා. මන්තී‍්‍රවරුන් තිස් දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් ඊයේ දිනයේ ඊට අත්සන් තබා ඇති බවයි අනාවරණ වුණේ. බැදුම්කර වංචාව සිදුකිරීමේ අරමුණින් මහබැංකුව තමන් යටතට පවරා ගැනීම, ශී‍්‍ර ලාංකික පුරවැසියෙකු නොවන පුද්ගලයෙකු මහබැංකු අධිපති තනතුරට පත් කිරීම, එම වංචාවට සම්බන්ධ තම හිතවතුන් බේරා ගැනීම සදහා උත්සාහ දැරීම ඇතුළු චෝදනා 14 ක් යටතේ මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා. නීතිය හා සාමය පිළිබද අමාත්‍ය ධුරය දරමින් මහනුවර දිස්ති‍්‍රක්කය තුළ ඇති වූ නොසන්සුන් තත්ත්වය හමුවේ ක්ෂණික පියවර ගැනිමට අසමත්වීම එමගින් ඉදිරිපත් කර ඇති අවසන් චෝදනාවයි. මෙම විශ්වාසභංග යෝජනාවට ආණ්ඩුවේ පිරිසක්ද සහාය දැක්වීමට සූදානමින් සිටින බවයි ඒකාබද්ධ විපක්ෂය පවසන්නේ.
කොළඹ ඊයේ පැවති උත්සවයකදී මාධ්‍යවේදීන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මැතිඇමතිවරුන්ගෙන්ද මේ පිළිබද අදහස් විමසීමක් කළා. ඊට ප්‍රතිචාර දැක්වූ අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර සහ චන්දිම වීරක්කොඩි අදහස් දක්වමින් පැවසුවේ, අග්‍රාමාත්‍යවරයා සමග වැඩ කිරීමට නොහැකි බව පෙර සිටම තමන් පවසා ඇති බවය.
මේ පිළිබද නෙත් නිවුස් රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරාගෙන්ද කරුණු විමසීමක් කළා. එහිදී ඔහු පෙන්වා දුන්නේ මන්ත්‍රීවරු දෙදෙනෙකුට වුවද විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත්කළ හැකි බවය. ඒකාබද්ධ විපක්ෂයට මන්ත්‍රීවරු 50ක් පමණ සිටිනා බැවින් ඔවුන්ගේ අත්සන් ලබා ගැනීම අපහසුවකින් තොරව ලබාගත හැකි බවය. මේ සම්බන්ධයෙන් කලබල නොවියුතු බවයි ඔහු පවසන්නේ.