Monday, December 23, 2024

General line - 0115112241

ගමට ආ පොලිසියේ හතරකට පරණ කෝන්තරයකට පොලු ප්‍රහාරයක්

චම්ලි ඒකනායක




මුර සංචාරයේ යෙදුනු විලච්චිය පොලිසියේ නිලධාරීන් සිව් දෙනකුට ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. විලච්චිය, වන්නිහැළඹෑව ප්‍රදේශයේදී ඊයේ (16) පස්වරුවේ මෙම ප්‍රහාරය එල්ලවී ඇති බවයි පොලිසිය පැවසුවේ.

නිලධාරීන් සිව් දෙනකුගෙන් යුත් පිරිසට, කලකට පෙර සිදුවීමක් මතක් කර පහර දීම කර තිබෙනවා. පොලු ප්‍රහාරයට ලක්ව ඇත්තේ එක් පොලිස් නිලධාරියකු පමණයි. ඔවුන් බීමත්ව සිට ඇතැයි ගම්වාසීන් චෝදනා කරන බැවින් සිව් දෙනාම වෛද්‍යවරයා වෙත යොමු කළ බවයි පොලිසිය පැවසුවේ.

පොලු පහරින් අතක් තුවාල ලැබූ නිලධාරීයා පමණක් රෝහල්ගතකර තිබෙනවා.

ප්‍රහාරය සම්බන්ධයෙන් සිව් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අධිකරණයට අද (17) ඉදිරිපත් කෙරෙනවා.