යැපුම් මානසිකත්වයෙන් පිරිණු තරුණ පරපුරට ස්වශක්තියෙන් නැගී සිටීමේ අවස්ථාවක් යැපුම් මානසිකත්වයෙන් පිරිණු තරුණ පරපුරට ස්වශක්තියෙන් නැගී සිටීමේ අභිමානය යොවුන් පුරයේදීම ලබාදෙන බව ජාතික තරුණ සේවා සභාවේ සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ පවසනවා.
ඒ සමඟම ඔවුන්ගේ නායකත්ව හා පෞරුෂය වර්ධනය හා කණ්ඩායම් හැඟීම වර්ධනය සඳහා විවිධ ධනාත්මක චින්තන වැඩසටහන් ද සකස්කර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. මෙවර යොවුන් පුරය මාර්තු මස 28 වන දින නිකවැරටිය පශු සම්පත් මණ්ඩල භූමි පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි. පසුගිය කාලයේ ගමට කෝටියක් වැඩසටහන ඔස්සේ පාලම් බෝක්කු, ජල නළ පද්ධති, පන්සල් ,ගොවිපළවල් මාර්ග සහ ක්‍රීඩාංගණ සෑදීම සඳහා තරුණ තරුණියන්ට පන්නරය ලැබුණේ ද යොවුන් පුරය මගින් බවයි ජාතික තරුණ සේවා සභාවේ සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ සඳහන් කළේ.