පොළොන්නරුව රක්‍ෂිත බන්ධනාගාරයේ රදවා සිටි සැකකරුවෙකු මියයාම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව පරීක්‍ෂණයක් ආරම්භ කර තිබෙනවා. එහි උසස් නිලධාරියෙකු නෙත් නිවුස් වෙත කියාසිටියේ පොලිස් පරීක්‍ෂණවලට අමතරව ජේලර්වරයෙකුගේ ප‍්‍රධානත්වයෙන් එම පරීක්‍ෂණය සිදු කෙරෙන බවයි.
පොළොන්නරුව රක්‍ෂිත බන්ධනාගාරයේ රදවා සිටි සැකකරුවෙකු ඊයේ (16) සිර මැදිරියේදී සිය දිවි හානි කර ගෙන තිබුණා. ඔහු මුදල් වංචා සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් පෙබරවාරි මස 27 වන දින සිට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවෙකු බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. සැකකරු මහනුවර, පේරාදෙණිය පාරේ පදිංචි වයස අවුරුදු 44 ක් වූ පුද්ගලයෙක්.