මහනුවර පසුගියදා ඇතිවූ ගැටුම්කාරී සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගනු ලැබූ මහසෝන් බලකායේ අමිත් වීරසිංහ ඇතුළු 10 දෙනා මේ මස 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය අද (17) නියෝග කර තිබෙනවා.
මහනුවර දිස්ත්රික්කයේ පසුගිය 06 වෙනිදා සිට ඇතිවූ මෙම නොසන්සුන්කාරී තත්වයෙන් පසු පොලිසිය විසින් එම සිද්ධියට අදාලව මෙම පිරිස අත් අඩංගුවට ගනු ලැබුවා.