පාසල් ළමුන් සඳහා නිල ඇඳුම් මිළ දී ගැනීමට දැනට ලබාදෙන මුදල් වවුචර වෙනුවට යළිත් නිල ඇඳුම් ලබාදීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව වාර්තා වනවා.
එවැනි යෝජනාවක් ඉදිරිපත් වුවද එය යළි ක්රියාත්මක කිරිම සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති බවයි බදුල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රි චමින්ද විජේසිරි කියා සිටියේ.
මුදල් වවුචර ලබාදීමෙන් ළමුන්ට සහ දෙමාපියන්ට ද ගැටලු රැසකට මුහුණදීමට සිදුවන බව සඳහන් කරමිනුයි අදාළ යෝජනාව ඉදිරිපත් වී ඇත්තේ.
කෙසේ වෙතත් පාසල් නිල ඇඳුම් වෙනුවට වවුචර් හඳුන්වා දුන් මුල් අවදියේ දී ගැටලු පැවතිය ද පසු කාලීනව ජනතාව ඊට අනගත වූ බවයි බදුල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසිරි කියා සිටියේ.