රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගන්නා රෝගින් සඳහා ඉදිරියේදී බිල්පතක් නිකුත් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. මෙරට සෞඛ්‍ය ක්ෂේත්රය වෙනුවෙන් රජය දරන වියදම් පිළිබඳ මෙරට ජනතාවට පැහැදීමක් නොමැති බවයි අමාත්‍යවරයා කියා සිටියේ. එහි වටිනාකම පිළිබඳව එ්ත්තු ගැන්වීම සඳහා මෙම බිල්පත ලබාදෙන බව අමාත්‍යවරයා සඳහන් කළා.
අනුරාධපුර මහ රෝහලේ හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර එ්කකය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට එක්විමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. ඉදිරියේදී සෙසු ප්‍රදේශවලදී හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර එ්කක ස්ථාපිත කරන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.