Sunday, December 22, 2024

General line - 0115112241

පොලීසියේ දී ප්‍රශ්නය විසඳගෙන ආපසු ගෙදර යමින් සිටියදී සිද්ධ වෙච්ච දේ මෙන්න

සමන් විජය බංඩාර - කෑගල්ල




අරණායක පොලීසිය ඉදිරිපිටදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දීම හේතුවෙන් තරුණියක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. විවාහනොවී වසර 3ක් එකට ජිවත්ව ඇති ඔවුන් දෙදෙනා අතර ඇතිවූ ගැටළුවක් විසඳා ගැනීම සඳහායි මෙලෙස පොලීසියට පැමිණ ඇත්තේ.

, අදාළ තරුණිය පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුවයි.

පැමිණිල්ල විභාග කර ආපසු යමින් සිටියදී මෙලෙස සැකකරු තියුණු ආයුධයකින් පහර දී ඇති බවයි පොලීසිය පැවසුවේ.

සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මකයි.

සිද්ධියෙන් තුවාල ලැබුවේ අරණායක කුමාරපුර ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණියක්.