Friday, December 27, 2024

General line - 0115112241

ගාල්ල පාවාදුන් මන්ත්‍රිවරුන්ට වැඩ වරදියි

දිනුක් හේවාවිතාරණ




එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය ලබාගත් ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති තේරිමේදි පොදු ජන පෙරමුණේ නගරාධිපති අපේක්ෂකයා ජයග්‍රහණය කරවිම සදහා සිය ජන්දය ලබාදුන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් හත්දෙනාට එරෙහිව කඩිනම් පරික්ෂණයක් පවත්වා ඔවුන් සියලු දෙනාට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ගයක් ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන ප්‍රකාශ කර සිටිනවා.

ගාල්ල මහ නගර සභාවට සභිකයින් තේරිමේ දි පක්ෂය වෙනුවෙන් ජන්දය භාවිත කල එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයින් සියලු දෙනාගේ අපේක්ෂාව වුනේ ගාල්ල මහ නගර සභාවට එජාපයේ නගරාධිපතිවරයෙක් පත්කර ගන්නයි. නමුත් කිහිප දෙනෙක් එකතු වී එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ මතය මුදලට පාවා දිම අනුමත කළ නොහැකියි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර සිටියේ.