ලොව පුරා දැඩි ආන්දෝලනයකට තුඩුදුන් කේම්බ්‍රිජ් ඇනලටිකා සමාගම තමන් හමුවටද පැමිණ සේවය ලබා දිමට ඉදිරිපත් වු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එහෙත්, තමන් එය ප්‍රතික්ෂේප කළ බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ.
එම සමාගම පැමිණ එක්සත් ජාතික පක්ෂය සඳහා ඔවුන්ගේ සහය ලබා දීමට තමාගේ කැමැත්ත ලබා ගැනිමට උත්සහ කළ බවත් වාසනාවකට ඔවුන්ගේ සහය ලබා නොගත් බවත් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.
අගමැතිවරයා මේ බව ප්‍රකාශ කලේ ශ්‍රි ලංකා නීතීඥ සංගමයේ කොළඹ පැවැති හමුවකට එක්වෙම්න්.