Friday, December 27, 2024

General line - 0115112241

මහාචාර්යවරයෙකුට යහපාලනය ගැන ගැටලුවක් ?

ළහිරු කපුගේ




යහපාලන ආණ්ඩුවක් ලෙසින් හැඳින්විය හැකි ආණ්ඩුවක් පවත්වාගෙන යාමට තරම් සුදුසු පුද්ගලයින් වත්මන් ආණ්ඩුව තුළ සිටීදැයි ගැටලූ සහගත බව මහාචාර්ය සරත් විජේසූරිය පවසනවා.

වත්මන් යහපාලන ආණ්ඩුව බිහි කිරීමේ ගමනේ කැපී පෙනෙන මෙහෙයක් ඉටු කළ සිවිල් සංවිධාන ක්‍රියාකාරීකයෙකු ලෙස සැලකෙන ඔහු කියා සිටියේ නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳව ද ඇත්තේ ගැටලූවක් බවයි.

රටක් නීතිය මත පදනම්ව පාලනය කිරීමෙන් අත්කර ගත හැකි කරුණු රැසක් ඇති බවයි මහාචාර්ය සරත් විජේසූරිය සඳහන් කළේ.

ඔහු මෙම අදහස් පල කළේ කොළඹ ඊයේ (26) පස්වරුවේ පැවැති උත්සවයකට එක්වෙමින්.