Friday, December 27, 2024

General line - 0115112241

පෞද්ගලික බස් රථ කරන දෙයක් ගැන ගැමුණු කියයි

ළහිරු කපුගේ




මෙරට පෞද්ගලික බස් රථ වලින් සියයට 30ක් පමණ ඩීසල් වෙනුවට භුමිතෙල් භාවිත කරන බව ලංකා පෞද්ගලික බස් හිම්යන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ ආර්ථික වාසි අපේක්ෂාවෙන් මෙවැනි ක්‍රියා අනුගමනය කරන බවයි. පෞද්ගලික බස් රථ හිමියන්ගේ මහ සභා රැස්වීම අමතමින් ඔහු මෙම අදහස් පළ කළා.

ඩීසල් වෙනුවට භුම්තෙල් භාවිත කිරිමේ සිද්ධින් රැසක් පසුගිය සමයේ වාර්තා වු බවයි ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ද පවසන්නේ. ඒ අතරින් බහුතරය පෞද්ගලික බස් රථවලට අදාළ සිද්ධීන්.

2014 වසරට සාපේක්ෂව 2017 වසරේ භුම්තෙල් පරිභෝජනය කීලෝ ලිටර් 59,585 කින් වැඩිවී ඇත්තේද මේ හේතුවෙන් බවයි ප්‍රකාශ කෙරුණේ.