Monday, May 6, 2024

General line - 0115112241

ඉන්දුනීසියාව අදත් සෙලවෙයි.. ජනතාව භීතියෙන්

වසන්ත පිවිතුරු - අමෙරිකානු වාර්තා ඇසුරෙන්




ඉන්දුනීසියාවට අද (26) අලුයම දරුණු භූ කම්පනයක් ඇති වී තිබෙන බව ජාත්‍යන්තර සුනාමි අනතුරු ඇඟවුම් මධ්‍යස්ථානය පවසනවා. මෙම කම්පනය හේතුවෙන් ඉන්දුනීසියාවේ ජනතාව භීතියට පත්ව ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

 

මැග්නිටියුඩ් 6.4 ක් ලෙස මෙම භු කම්පනය සටහන් වී ඇති බව සඳහන් වන අතර කම්පනයෙන් සිදුවූ හානිය පිළිබඳව නිල නිවෙදනයක් සිදුකළ නොහැකි බවයි ජාත්‍යන්තර සුනාමි අනතුරු ඇඟවුම් මධ්‍යස්ථානය කියා සිටියේ.

 

ඉන්දුනීසියාවේ ටානිමර් දිවයිනට ආසන්නේ පිහිටි සම්ලකි නම් ප්‍රදේශයේ  වූ  මුහුදට  වයඹ දෙසට  කිලෝමීටර  382 ඈතින්  මෙම  චලනය හටගෙන ඇති බවයි අමෙරිකානු භුචලන මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.

භූ කම්පනය අලුයම් කාලයේ හට ගැනීමත් නිසා සහන කටයුතුවලට ද බාධා එල්ල වී තිබෙනවා.

කෙසේ වෙතත් දැනටමත් ගුවන් මගින් අව්‍යශ සහන කණ්ඩායම් එම ප්‍රදේශ කරා යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.