Monday, May 6, 2024

General line - 0115112241

ගින්නට මැදි වූ දරුවන් 41ක් මිය ගිහින් (UPDATE)

දිනුක් හේවාවිතාරණ -විදෙස් මාධ්‍ය ඇසුරෙන්




බටහිර සයිබිරියාවේ පිහිටි සාප්පු සංකීර්ණයක ඇතිවු ගින්නෙන් මේ වන විට මිය ගිය සංඛ්‍යාව 48 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන් 41ක් දෙනෙකුම කුඩා දරුවන් බවයි රුසියානු මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

කෙමෙරොවා සාප්පු සංකිර්ණයේ ඇතිවු ගින්න පාලනය කිරිමට 200 කට අධික ගිනි නිවිමේ නිළධාරින් සංඛ්‍යාවක් යොදවා සිටියා.

 

 

----------------------------------

සයිබිරියාවේ සාප්පු සංකිර්ණයක ගින්නක්: 37ක් මරුට

(26-03-2018 05:49)

 

බටහිර සයිබිරියාවේ පිහිටි සාප්පු සංකීර්ණයක ඇතිවු ගින්නකින් මේ වන විට පුද්ගලයින් 37 දෙනෙක් මිය ගොස් ඇතැයි රුසියානු මාධ්‍ය වාර්තා සදහන් කරනවා.

කෙමෙරොවා සාප්පු සංකිර්ණයේ ඇතිවු ගින්න පාලනය කිරිමට 200 කට අධික ගිනි නිවිමේ නිළධාරින් සංඛ්‍යාවක් යොදවා ඇති බව සදහන්.

" මේ වන විට අපිට ස්ථිර වශයෙන් පවසන්න පුළුවන් පුද්ගලයින් 37 දෙනෙක් මිය ගොස් තිබෙනවා. ඒ වගේම තවත් විශාල සංඛ්‍යාවක් අතුරුදහන්ව සිටිනවා" යැයි රුසියානු විමර්ෂණ කමිටුව ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර බටහිර සයිබිරියාවේ හදිසි ගලවා ගැනිමේ ඒකකය සදහන් කරන්නේ පුද්ගලයින් 69 දෙනෙකු අතුරුදහන් වි ඇති බවට තොරතුරු ලැබි ඇති බවත් ඉන් 40 දෙනෙක් කුඩා ළමුන් බවයි.

මෙම සාප්පු සංකීර්ණය තුල ක්‍රිඩාගාරයක්, සිනමා ශාලා කිහිපයක් පිහිටා තිබෙන අතර ගින්න හට ගැනිමෙන් පසු එහි සිරව සිටි පුද්ගලයින් 120 දෙනෙකු පමණ බේරා ගැනිමට සමත්වු බව ගලවා ගැනිමේ මෙහෙයුම් භාරව සිටින සහන කණ්ඩායම් සදහන් කර සිටිනවා.