කොළඹ දිස්ත්‍රික්කයේ තීරණාත්මක පළාත් පාලන ආයතන කිහිපයක බලය පිහිටුවීම අද (26) සිට සිදු වීමට නියමිතයි. ඒ, දෙහිවල ගල්කිස්ස, මොරටුව සහ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන මහ නගර සභා තුනයි. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ මෙම මහ නගර සභා තුනේ බල අරගල සිදුවීමට වැඩි හැකියාවක් පවතින බවයි.
ඒ අතරින් දෙහිවල ගල්කිස්ස, සහ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන මහ නගර සභා දෙකේ බහුතර මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් හිමි කර ගැනීමට කිසිඳු පක්ෂයකට නොහැකි වීම ඊට හේතුවී තිබෙනවා. එම මහ නගර සභා දෙකේම තීරණාත්මක සාධකය බවට පත්ව ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයයි.
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ මුළු ආසන සංඛ්‍යාව 48ක්. එය බෙදී ගියේ එක්සත් ජාතික පක්ෂයට 19ක්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට 19ක්, එක්සත් ජනතා නිදහස් සන්ධානයට 6ක් සහ ජනතා විමුක්ති පෙරමුණට 4ක් වශයෙන්.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවට අයත් මුලූ මන්ත්‍රීධූර සංඛ්‍යාව 35ක්. ඉන් 18ක්ම හිමිවූයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණටයි. එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රීධූර 12ක් හිමිවුණා. එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රීධූර 5ක් හිමිවූ අතර ජනතා විමුක්ති පෙරමුණට හිමිවූ මන්ත්‍රීධූර සංඛ්‍යාව 3ක්.
මොරටුව මහ නගර සභාවට අයත් මුලූ මන්ත්‍රීධූර සංඛ්‍යාව 48ක්. එය ඛෙදී ගියේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට 23ක්, එක්සත් ජාතික පක්ෂයට 16ක්, එකසත් ජනතා නිදහස් සන්ධානයට 04ක්, ජනතා විමුක්ති පෙරමුණට 04ක් හා ජාතික ජනතා පක්ෂයට එක් මන්ත්‍රීධූරයක් වශයෙන්.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ මෙම පළාත් පාලන ආයතන තුනෙහි බලය පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙන්ම එක්සත් ජාතික පක්ෂයද සූදානමින් පසුවන බවයි.
නෙත් නිවුස් කළ විමසීමකදී බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය සඳහන් කළේ කිසියම් පළාත් පාලන ආයතනයක බලය පිහිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහය ඉල්ලා සිටින්නේ නම් කොන්දේසි මත සහාය දීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සූදානම් බවයි.
ඉකුත් සතියේද පළාත් පාලන ආයතන කිහිපයක බලය පිහිටුවීමේදී බල අරගල සිදුවුණා. ඒ අතරින් කැපී පෙනුණේ එක්සත් ජාතික පක්ෂයට බහුතර මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් දිනා ගත් ගාල්ල සහ මීගමුව යන මහ නරග සභාවල බලය පහිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කිරීමයි.