වලාන දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් පිරිසකට බේරුවල පත්තෙකඩේ ප්රදේශයේදී ප්රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ, නිවෙසක නීති විරෝධී දුම්වැටි සඟවා ඇතැයි ලද තොරතුරක් මත එය පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදීයි.
එහිදී පිරිසක් කලහකාරී ලෙස හැසිරී ඇති අතර වැටලීමට ගිය නිලධාරීන් දෙදෙනෙකුට තුවාල සිදුවී තිබෙනවා.
ඔවුන් ප්රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ පානදුර රෝහලටයි. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.