රුපියල් කෝටි 2කට අධික වටිනාකමකින් යුත් මැණික් තොගයක් කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම මැණික් තොගය චීන ජාතිකයෙකු සතුව තිබිය දී සිය භාරයට ගෙන ඇති බවයි කටුනායක ගුවන් තොටුපොල රේගුව සඳහන් කළේ.
රේගු භාරයට පත්වූ මැණික් ගල් සැකකරු විසින් සිය ගමන් මල්ලේ සූක්ෂම ලෙස සඟවා මෙරටට රැගෙනවිත් තිබුණා. අද (26) අලූයම හොංකොං සිට පැමිණි ගුවන් යානයකින් ඔහු මෙරටට පැමිණී බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් ශ්රී ලංකා රේගුව වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.