විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ වැඩවර්ජනයට අදට දින 27ක්. මේ හේතුවෙන් සියලූ පීඨවල අධ්‍යයන කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා. නෙත් නිවුස් කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ නව සොයා ගැනීම් සඳහා සිදු කරන පර්යේෂණ රැසක්ද මේවනවිට බිඳ වැටී ඇති බවයි.
ඇතැම් පර්යේෂණ මුල සිට යළි ආරම්භ කිරීමට සිදුව ඇති බවද නෙත් නිවුස් කළ සොයා බැලීමේදී වැඩිදුරටත් අනාවරණ වුණා. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රංගික හල්වතුර කියා සිටියේ දේශන යළි පැවැත්වීමට හැකිවුවද බිඳ වැටුනු නව පර්යේෂණ යළි ආරම්භ කිරීම ඉතා අපහසු බවයි.
වර්ජනය අත්හැරීමට සූදානමක් නොමැතිදැයි නෙත් නිවුස් විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගෙන් විමසීමක් කළා.
ඔහු කියා සිටියේ තමන්ට යහපත් ප්‍රතිචාරයක් ලැබෙන තුරු තමන් ඉදිරියටත් අරගල සිදු කරන බවයි.
පසුගිය මාසයේ වැටුප තමන්ට මෙතෙක් ලැබී නොමැති බවත් ඉදිරියට පැමිණෙන සිංහල අළුත් අවුරුද්ද සැමරීම සඳහා තමන්ට යහපතක් සිදුවේ යැයි අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළා.