ෆේස් බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් පුවත්පත් දැන්වීමක් පළ කරමින් සමාව අයැද තිබෙනවා. ඒ, ෆේස්බුක් ගිණුම් හිමියන්ගේ දත්ත වෙනත් පාර්ශවයක් අතරට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන්.
ඊයේ (25) දිනයේ අමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ පළවු සති අන්ත පුවත්පත්වල සම්පූර්ණ පිටුවක දැන්වීමක් පළ කරමින් ඔහු මෙලෙස සමාව අයැද තිබුණා. ක්‍රෙම්බ්‍රිජ් ඇනලටිකා සමාගමෙන් සිය පරිශීලකයින්ගේ දත්ත ආරක්ෂා කර ගැනීමට මීට වඩා ආරක්ෂිත ක්‍රමයක් අනුගමනය කිරීමට තිබූ බවයි සකර්බර්ග් පවසන්නේ.
සිය සමාගමට කෙතරම් චෝදනා එල්ල වුවද ලොව පුරා සිටින බිලියන 2ක් පමණ වන ෆේස්බුක් පරිශීලකයින් තවමත් සිය සමාගම අතහැර ගොස් නොමැති බවද සකර්බර්ග් විදෙස් මාධ්‍යයක් වෙත පවසා තිබුණා.