Friday, December 27, 2024

General line - 0115112241

නංගි දුන් පහරින් අක්කා අවසන් ගමන් යයි




කොළඹ 15 මෝදර ප්‍රදේශයේදි බාල සහෝදරිය එල්ල කළ පහරකින් වැඩිමහල් සහෝදරියක් ඝාතනයට ලක්ව තිබෙනවා. ඇයගේ වයස අවුරුදු 56ක්. දෙදෙනා අතර ඇතිවූ ආරවුලක් මෙම ඝාතනයට හේතුවයි.

පහර කෑමෙන් තුවාල ලැබූ කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වුණා. සිද්ධිය සම්බන්ධයෙන් පහරදුන් කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.