Friday, December 27, 2024

General line - 0115112241

සිංහල සිසුවෙකු මෙන් පෙනී සිටිමින් ජාතීවාදය වැපුරු සිසුවා යළි රිමාන්ඩ්

අධිකරණ වාර්තාකරු




හදිසි නීතිය ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවේදී ජාතීන් අතර සංහිඳියාවට බාධා පමුණුවමින් ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය මගින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩන්ගුවට ගත් කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුවා අප්‍රේල් මස 9 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර අද (26) නියෝග කළා.

සැකකරුට එරෙහිව එල්ල වී ඇති චෝදනා වලට මහෙස්ත්‍රාත් අධිකරනයට ඇප ලබා දීමේ බලතල නොමැති බැවින් සැකකාර සිසුවා වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප අයදුම්පත මීට පෙර අධිකරණය ප්‍රතික්ෂේප කර තිබුණා.

මෙම සිසුවා මුස්ලිම් ජාතික සිසුවෙකු වන අතර ඔහු ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය හරහා සිංහල සිසුවෙකු ලෙසට පෙනී සිට මෙම අපරාධය කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරනයට දැනුම් දී තිබෙනවා.