Friday, December 27, 2024

General line - 0115112241

එජාප මහලේකම් තනතුරට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් යෝජනා  කළ හිටපු අමාත්‍යවරයෙකුගේ නම මෙන්න

සමන්ත කුමාර




එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තනතුර සඳහා හිටපු අමාත්‍ය ඉම්තියාස් බාකීර් මාකාර්ගේ නම යෝජනා වී තිබෙනවා. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකු විසින් ඉම්තියාස් බාකීර් මාකාර්ට එම තනතුර භාරගන්නා ලෙස ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

පක්ෂය තුල තමන්ට පිළිගත හැකි වෙනසක් සිදුවනවා නම් තනතුර භාර ගැනීම පිළිබඳ සලකා බැලීය හැකි බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය මෙම මස 29 වන දින රැස්වීමට නියමිත අතර ප්‍රධාන තනතුරු කිහිපයක් එහිදී  වෙනස් වනු ඇති බවයි වාර්තා වන්නේ.