Friday, December 27, 2024

General line - 0115112241

මොරටුව මහ නගර සභාවේ ලොකු පුටුවත් පොහොට්ටුවට

හේමන්ත කහවලගේ




මොරටුව මහ නගර සභාවේ නගරාධිපති ධූරයද අද (26) පැවති ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට හිමිවුණා. නව නගරාධිපතිවරයා ලෙස තේරී පත්වූයේ සමන් ලාල් ප්‍රනාන්දුයි.

අද (26) පැවැති ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඡන්ද 23ක් ලැබුණු අතර එක්සත් ජාතික පක්ෂයට හිමිවුයේ ඡන්ද 16ක් පමණයි.

මොරටුව මහ නගර සභාවට අයත් මුලූ මන්ත්‍රී ධූර සංඛ්‍යාව 48ක්. එය බෙදී ගියේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට 23ක්, එක්සත් ජාතික පක්ෂයට 16ක්, එක්සත් ජනතා නිදහස් සන්ධානයට 04ක්, ජනතා විමුක්ති පෙරමුණට 04ක් හා ජාතික ජනතා පක්ෂයට එක් මන්ත්‍රී ධූරයක් වශයෙන්.