Monday, May 6, 2024

General line - 0115112241

ඉන්දීය ජංගම දුරකථන යෙදවුමකිනුත් මහා පරිමාණ දත්ත සොරකමක්

දිනුක් හේවාවිතාරණ




ඉන්දීය ජනතාව සදහා හදුන්වා දුන් "ජංගම දුරකතන යෙදවුම" (Mobile App) සදහා මේ වන විට විවිධ පාර්ශව හරහා චෝදනා එල්ල වෙමින් පවතිනවා.

අගමැති නරේන්ද්‍ර මෝදී විසින් මෙම ජංගම දුරකතන යෙදවුම හදුන්වාදී තිබුනා. ඒ අනුව මෙම යෙදවුම භාවිත කරන්නන්ගේ පෞද්ගලික දත්ත තෙවැනි පාර්ශවයකට ලබා දෙන බවටයි සයිබර් ආරක්ෂකයින් චෝදනාවක් එල්ල කර ඇත්තේ.

එම සයිබර් නිරික්ෂකයින් සදහන් කරන්නේ ඉන්දීය අගමැතිවරයාගේ ජංගම දුරකතන යෙදවුම පරිශීලනය කරන අයගේ දත්ත ඇමෙරිකාවේ ලියාපදිංච් කර තිබෙන සමාගමකට ලැබෙන බවයි.

කෙසේ නමුත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි නියෝජනය කරන භාරතීය ජනතා පක්ෂය එම සියළු චෝදනා ප්‍රතික්ෂේප කරන අතර ඔවුන් සඳහන් කරන්නේ පරිශිලකයින්ගේ දත්ත ඔවුන් යොදා ගනු ලබන්නේ විශ්ලේෂණය කිරිම සඳහා පමණක් බවයි.

කෙසේ නමුත් ඉන්දිය විපක්ෂය නියෝජනය කරන රාහුල් ගාන්ධිද මෙම හෙළිදරව්වත් සමග ටිවිටර් පණිවිඩයක් තබමින් කියා සිටියේ " ඉන්දීය අගමැතිවරයාගේ ජංගම දුරකථන යෙදවුමට ලියාපදිංච් වන්න, එවිට ඔහු විසින් ඔබගේ දත්ත ඇමෙරිකානු සමාගමකට ලබා දෙන බවයි."

කෙම්බ්‍රජ් ඇනලෙටිකා සමාගම පසුගිය ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී ෆේස්බුක් සමාගමේ හරහා එහි පරිශිලකයින් මිලියන 50ක ගේ දත්ත සොරකම් කිරීමේ චෝදනාව සමග මේ දිනවල "දත්ත සොරකම්" කිරීම පිළිබඳව ලොව පුරා දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.