බස්නාහිර හා නිරිතදිග කලාපයේ පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් අකුණු ඇතිවීමට හැකියාවක් පවතින අතර බේරුවල සිට කොළඹ හරහා මිගමුව දක්වා වන මුහුදු කළාපය රළු වන අතර සුළං වේගය පැයට කිලෝමීටර් 70-80 ක් අතර වේගයක් ගනු ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මේ හේතුවෙන් අකුණු අනතුරු අවම කර ගැනීමට ජනතාව අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්න මෙන්ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාව ගෙන් ඉල්ලීමක් කරනවා.