මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අද (26) හිමි වුණා. සභාපතිවරයා ලෙස තේරී පත්වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හේරත් සෙනෙවිරත්නයි. පැවති ඡන්ද විමසීමේදී ඡන්ද දහය බැගින් ලබාගැනීම හේතුවෙන් සභාපති ධුරය සදහා අයෙකු තෝරාපත් කර ගැණුනේ කුසපත් ඇදීමෙන්.
එම පකෂයේම චානක විජේසුරිය උප සභාපති ලෙස තේරී පත්වුණා. ඒ සදහා ද පැවති ඡන්ද විමසීමේදී ඡන්ද සම වු බැවින් උපසභාපති තෝරා පත් කර ගැනීමට සිදුවූයේද කුසපත් ඇදීමකින්.
එක්සත් ජාතික පකෂය සහ ශ්‍රී ලංකා නිදහස් පකෂය එක්ව ඡන්දය ප්‍රකාශ කළ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පක්‍ෂව ස්වාධීන කණ්ඩායමක් ඡන්දය භාවිත කළා.