Friday, December 27, 2024

General line - 0115112241

දුමින්ද සිල්වා ගොණුකළ අභියාචන පෙත්සම කල්යයි

අධිකරණ වාර්තාකරු




මරණ දඩුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි  දුමින්ද සිල්වා ඇතුළු පස් දෙනෙකු ගොණුකර ඇති අභියාචන පෙත්සම් අද (26) ශ්‍රේෂ්ඨාධිකරණයේදී විවාදයට ගැණුනා. මෙම පෙත්සම් ගොණුකර තිබුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි භාරත ලක‍්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු ඝාතනය කිරීමට අදාළවයි. 

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම අභියාචනා පෙත්සම් විභාගයට ගැණුනා. මෙහි වැඩිදුර කරුණු විභාගය හෙට (27) දිනට කල්දැමුණු බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු කියාසිටියේ. 

කොළඹ මහාධිකරණයේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ලබාදුන් බහුතර තීන්දුවේ දෝෂ ඇති බව දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා මෙහිදී අධිකරණයට කරුණු දක්වනු ලැබුවා. මහාධිකරණයේ තීන්දුව ඛෙදුනු තීන්දුවක් බවත් මෙහි සාක‍්ෂිවල ඇති පරස්පරතා නිසා විත්තිකරුවන් වැරදිකරුවන් බවට පත්කිරීමට නොහැකි බවත් ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මෙහිදී ප්‍රකාශ කළා.