Wednesday, May 8, 2024

General line - 0115112241

නාවික හමුදාව මුහුදේ ගිල්වූ එල්ටීටීඊ නෞකව (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




එල්ටීටීඊ සංවිධානය විසින් භාවිතා කරන ලද "වෙලින්" හෙවත් ඒ 522 නෞකව යුධ සමයෙන් පසු නාවික හමුදාව විසින් අත්පත් කර ගැනීමට කටයුතු කළා. නාවික හමුදාව විසින් මෙම නැව අත්පත්  කර ගනු ලැබුවේ මැලේසියාවේදී. 

කලක් මෙම නෞකාව නාවික හමුදාව විසින් සිය භාවිතයට ගනු ලැබූ අතර පසුව එම නෞකාව භාවිතා කිරීමට නොහැකි තත්වයේ පැවති හෙයින් එය නිසි ක්‍රමවේදයන්ට අනුව මුහුදේ ගිල්වා දැමිමට රජය තිරණය කළා. ඒ අනුව අද (26) බටහිර මුහුදු තීරයේදී ඒ-522 නෞකා‍ව ගිල්වා දැමිමට නාවික හමුදාව කටයුතු කරනු ලැබුවා.

මේ අතර හිටපු පසුගිය යුධ සමයේදී ජනාධිපතිවරුන් විසින් භාවිතයට ගන්නා ලද වෙඩි නොවදින වාහන 08 ක් ද මේ ආකාරයෙන් අද දින මුහුදේ ගිල්වා දැමීමට නාවික හමුදාව කටයුතු කළා.