Friday, December 27, 2024

General line - 0115112241

තංගල්ල නගර සභාවේ බලය එජාපයට




ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයගත් තංගල්ල නගර සභාවේ සභාපති ධුරයද අද(26) එක්සත් ජාතික පක්‍ෂයට  හිමි වුණා. සභාපතිවරයා ලෙස තේරී පත්වූයේ ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චිගේ පුත් රවිදු වෙදආරච්චියි.

පැවති ඡන්ද විමසීමේදී ඡන්ද සම වූ අතර පසුව කුසපත් ඇදීමකින් ඔහු තේරි පත්වුණා. මෙම ඡන්ද විමසීමේදී එක්සත් ජාතික පක‍ෂයට සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 7 බැගින් ලබාගත්තා. එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා.