Tuesday, May 7, 2024

General line - 0115112241

යොවුන් පුරය අද සිට (PHOTOS)




තරුණ තරුණියන් 7,000කගේ සහභාගිත්වයෙන් යොවුන් පුරය 2018 අද (28) පස්වරුවේ ආරම්භ වනවා. නිකවැරටිය පශු සම්පත් සංවර්ධන මධ්‍යස්ථානයේ දීයි මෙවර යොවුන් පුරය පැවැත් වෙන්නේ.

තරුණ කටයුතු හා දක්‍ෂිණ සංවර්ධන අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව යොවුන් පුරය සංවිධාන කරනවා. 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුවයි යොවුන් පුරය වැඩසටහන ආරම්භ කෙරුණේ.  ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ මෙහෙයවීමෙන් එම කටයුතු සිදු කෙරෙනවා.

මෙහි සමාප්ති උත්සවය ලබන 31 වැනිදා පස්වරුවේ උත්කර්ෂවත් ලෙස පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ. මෙවර යොවුන් පුරය වැඩසටහනට විදෙස් තරුණ තරුණියන් විශාල පිරිසක් එක්වීමට ද නියමිතයි.