Tuesday, May 7, 2024

General line - 0115112241

ලොවේම අවධානය දිනා ගත් මලාලා රහසේ ගමනක් ගිහින්




නොබෙල් සාම ත්‍යාගලාභී මලාලා යුසුෆ්සායි වසර 06කට පමණ පසු පළමුවරට යළි සිය මව් රට වන පාකිස්ථානයට පැමිණ තිබෙනවා.

ඇය පාකිස්ථානයෙන් පිටව ගියේ ඉකුත් 2012 වසරේදී තලෙයිබාන් සටන්කාමීන්ගේ වෙඩි තැබීමකට ලක්වීමෙන් පසුවයි.

ඒ වනවිට ඇය 14 වන වියේ පසුවුණා. දැන් ඇගේ වයස අවුරුදු 20ක්. මානව හිමිකම් ක‍්‍රියාකාරිණියක ලෙස මලාලා යූසුෆ්සායි ලොව පුරා බොහෝ දෙනාගේ ආදරය දිනා සිටිනවා.

ඇය පළමු වරට ලෝකයේම අවධානයට ලක්වුණේ තලෙයිබාන් සටන්කාමීන්ගේ දුෂ්ඨ ක‍්‍රියා පිළිබව දැරියක්ව සිටියදී ඇය විසින් ලියන ලද ලිපියක් හේතුවෙන්. කාන්තාවන්ගේ අධ්‍යාපන අවස්ථා අහිමි කිරීමට එරෙහිව ඇය දැඩි සේ හඬ නැඟුවා.

තලෙයිබාන් සටන්කාමීන්ගෙන් ඇය වෙඩි තැබීමකට ලක්වූයේ ද ඒ හේතුවෙන් බවයි විශ්වාස කෙරෙන්නේ. යළි මව් රටට පැමිණි මලාලා යූසුෆ්සායි එරට අග‍්‍රාමාත්‍ය සහීඞ් අබ්බාසි ද මුණගැසීමට නියමිතව සිටිනවා.

කෙසේ වෙතත් ආරක්ෂක හේතුන් මත ඇගේ ඉදිරි සැලසුම් පිළිබ වැඩි විස්තර මාධ්‍යයට හෙළිකර නැහැ.