Tuesday, May 7, 2024

General line - 0115112241

රුසියාවෙන් ඇමෙරිකාවට කනේ පහරක්

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන් 




ඇමෙරිකානු රාජතාන්ත්‍රික නිලධාරින් 60 දෙනෙකු සිය රටින් පිටුවහල් කිරීමට රුසියාව නියෝග කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටිනවා. ඊට අමතරව රුසියාවේ සාන්ත පීටර්ස්බර්ග් හි පිහිටි ඇමෙරිකානු කොන්සියුලර් කාර්යාලය වසා දැමීමටත් රුසියානු රජය පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

පසුගිය සතියේදී ඇමෙරිකාව විසින් සිය රාජතාන්ත්‍රික නිලධාරින් 60 දෙනෙකු පිටුවහල් කිරීමට කටයුතු කිරීමට අදාලව රුසියාව විසින් මෙම තීරණය ගෙන තිබෙනවා.

රුසියානු විදේශ කටයුතු ඇමතිවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ " මෙය රුසියාව සහ ඇමෙරිකාව අතර සබදතාවයන් පිරිහීමේ සලකුණක්" බවයි. එමෙන්ම රුසියානු රාජතාන්ත්‍රික නිලධාරින් පිටුවහල් කල අනෙක් රටවලටද මෙවැනි ප්‍රතිචාර ඉදිරියේදී බලාපොරොත්තු විය හැකි බව රුසියානු විදේශ කටයුතු ඇමතිවරයා පවසනවා.

බ්‍රිතාන්‍යයේ දී රුසියානු ඔත්තුකරුවෙක්ට සහ ඔහුගේ දියණියට විෂ එන්නත් කර ඝාතනය කිරීමක් සම්බන්ධයෙන් මේවන විට ඇමෙරිකාව ඇතුලු බටහිර රටවල් කිහිපයක් රුසියානු රාජතාන්ත්‍රික නිලධාරින් පිටුවහල් කිරීමට කටයුතු සිදුකරමින් සිටිනවා.